in Investing

[3 of 3] Online Business කරන්න කලින්?

තිරසාර ව්‍යාපෘතියේදී මම කතා කරන දේවල් ක්‍රියාවට නංවන්න නම් ඔයාටම Bitcoin Wallet එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මම කියපු කුමන හෝ ක්‍රමයකින් Bitcoin අරන් තියෙන්නත් ඕනේ. මේ ලිපියෙන් කතා කරන්න හදන්නේ ඔබ අන්තර්ජාලය ආශ්‍රිත ව්‍යාපාර වලට මුදල් යොදවලා ඒවා වලට සම්පූර්ණයෙන්ම අනුගත වෙන්නට කලින් අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු කරුණු කාරණා තුනක් ගැනයි.

මේ කියන්නට හදන ගොඩක් දේවල් මමම අවුරුදු ගණනාවක් අන්තර්ජාලය ආශ්‍රිත ව්‍යාපාර වල ආයෝජකයෙක් විදිහට කටයුතු කරලා, නොසෑහෙන්න දුක් විඳලා, ඩොලර් දහස් ගණන් වලින් අලාභත් අත්විඳලා ඉගෙන ගත්තු දේවල්.

මම කරපු වැරදි ආයේ සැරයක් ඔයා කරන්න ඕනේ නැහැනේ.

මේ සරල උපදෙස් තුන ඒ විදිහටම පිළිපදින්නට පුළුවන් නම් අන්තර්ජාලය ආශ්‍රිත ව්‍යාපාර වල ආයෝජනයෙන් සාර්ථක වෙන්න ඔයාටත් පුළුවන්. 🙂

 1. විවෘත මනසකින් ලෝකය දකින්න.

මේකට කඩ්ඩෙන් කියන්නේ “Open Minded” වෙන්න කියලා. කොහොමටවත් තමන්ගේ මතයේම එල්බගෙන ඉන්න හදන්න එපා.

පිරුණු තේ කෝප්පයකට කොච්චර අලුතෙන් තේ වත් කරන්න හැදුවත් වැඩක් නැහැනේ. කට ලඟට පිරුණම ඉතිරිලා යනවා. ඔයත් එහෙම වුනොත් හැමදාම එකම තැන තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා නිතරම තමන්ගේ cup එක empty කරගෙන ඉන්න.

හොඳ අන්තර්ජාල ව්‍යවසායකයෙක් කියන්නේ හැමදාම ඉගෙන ගන්න කෙනෙක්. ඒ නිසා හැමදාම අළුත් දේවල් ඉගෙන ගන්න. ඒ වගේම  නිරන්තරයෙන්ම අළුත් අදහස් වලට සුදානම්ව ඉන්න. එක පුංචිම පුංචි අදහසක් ක්‍රියාත්මක කරලා තමන්ගේ මුළු ජීවිතේම වෙනස් කරගත්තු අය ගැන අපි කොච්චර නම් කතා අහලා තියෙනවාද? ඊළඟ කෙනා ඔයා වෙන්නත් පුළුවන්. 😉

මට මෙතැනදී අවධාරණයෙන් කියන්න ඕනේ මෙච්චරයි. තවත් එක ලිං මැඩියෙක් වෙන්න එපා. මෙච්චර කල් ලිඳේ හිටියා හොඳටම ඇති. දැන්වත් ලිඳෙන් එළියට එමු.

අපිත් එක්ක අද ලෝකේ තියෙන නවතම වඩාත් ප්‍රතිඵලදායකම ව්‍යාපාර සහ ආයෝජන වල නිරත වෙලා “අදට වඩා හොඳ හෙටක්” නිර්මාණය කර ගමු. 😉

2. ඔබේ “අවදානමට ලක් කළ හැකි ප්‍රාග්ධනය” කොච්චරක්ද?

මෙන්න මේ කතාව ගොඩක් වැදගත්. අන්තර්ජාලය හරහා මුදල් යොදවලා කරන හැමදෙයකම අවදානමක් තියෙනවා. ඒ දවස් වල මම නිතර කිව්ව “මගේ ආදර්ශ පාඨය” මතකයි නේ.

“අවදානමක් නැතිනම් ප්‍රතිලාභයකුත් නැහැ. වැඩි අවදානමක් දරන්නට ඔබ සුදානම් නම්, අධික ප්‍රතිලාභයක් ලබන්නට හැකියාව තියෙනවා.”

ඉතින් අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම සඳහා ඔබ යොදා ගත යුත්තේ ඔබේ අවදානමට ලක් කළ හැකි ප්‍රග්ධනයයි. ඔයාගේ ප්‍රාග්ධනය සම්පුර්ණයෙන්ම හෝ ඉන් කොටසක් හෝ නැති වෙන එකේ අවදානම ඔයාට දරා ගන්නට බැරි නම් කිසිම විටෙක ඒ මුදල් කිසිම ආකාරයක මුල්‍ය වෙළඳපොළ ගනුදෙනු, ආයෝජන හෝ ව්‍යාපාර සඳහා යොදා ගන්න එපා.

උදාහරණ කීපයක් කිව්වොත්,

  • බැංකුවකින්, මූල්‍ය ආයතනයකින් ණයට ගත්ත මුදල්…
  • යාළුවෙක්ගෙන්, පවුලේ සාමාජිකයෙක්ගෙන් හදිසි අතමාරුවකට ලබා ගත් මුදල්…
  • ඔබේ අත්‍යාවශය කටයුතු සඳහා (වාහනයක්, නිවසක්, විවාහයක්) සඳහා ඉතිරි කළ මුදල්…
  • රන් භාණ්ඩ, ඉඩම්, දේපළ උකස් කර ලබා ගත් මුදල්…

කිසිම විටෙකවත් ඔබේ අවදානමට ලක් කළ හැකි ප්‍රාග්ධනය නම් නෙවෙයි. තවත් සරලව කියනවා නම්
“ඔබට නැති වුණත් කිසිම අවුලක් නැති මුදල් තමයි අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ව්‍යාපාර, ආයෝජන යනාදියට යොදවන්න ඕනේ.”

ඒ ප්‍රමාණය කොච්චරක්ද?

අන්න ඒක හරියට ම දැනගන්න. ඒකෙන් විතරයි, ඔයාට ආයෝජන කටයුතු කරන්න මම නිර්දේශ කරන්නේ.

  • ඔයාගේ අවදානමට ලක් කළ හැකි ප්‍රාග්ධනය බොහොම පොඩි මුදලක් නම්?
  • මොන ක්‍රමයෙන් හරි ගොඩ යන්නත් ඕනේ නම්?

ඔයා වෙනුවෙන්ම තමයි මම තිරසාර ව්‍යාපෘතියේදී Matrix ගැනත් කතා කරන්න හිතුවේ.
ඉතුරු ටික තියෙන්නේ ඔයාගේ අතේ. කැමති නම් කරලා ගොඩ යන්න. නැත්තං නොකර ඉන්න 😉

3. FOCUS

අවුරුදු කීපයක් මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉඳලා ඉගෙන ගත්ත වටිනාම පාඩම මොකද්ද කියලා කවුරුහරි ඇහුවොත් මම කියන්නේ…

Power of Focus කියලායි.

අන්තර්ජාල ව්‍යවසායකයෙකුට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දෙයක් තමයි Focus එක. සිංහලෙන් කිව්වොත් “ඔබ කරන ව්‍යාපාරයට ඔබ කොපමණ අවධානයක් යොදවනවාද?” කියන කාරණය. ඔයා මේ විෂයය ක්ෂේත්‍රයට අවතීර්ණ වුණාට පස්සේ හතු පිපෙනවා වගේ දවස ගානේ එක එක දිලිසෙන ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා දකීවි. ඒවා හැම එකක් පස්සේම දුවන්නේ නැතුව තමන් කරන එක හෝ දෙක ගැන පූර්ණ අවධානයක් දීලා ඒ ව්‍යාපාර අවස්ථා වල ඉහළටම යන්න ඉලක්ක කරන්නම ඕනේ. නැත්තන් කවදාවත් හිණිපෙත්තටම ලඟා වෙන්න හිතන්නවත් බැහැ.

ඒ නිසා…

දකින දකින හැම ව්‍යාපාර සහ ආයෝජන අවස්ථාවම ප්‍රවර්ධනය කරන්න යන්න එපා. ඔයාට වඩාත්ම ගැලපෙන සිරාම ඒවා දෙකක් හෝ තුනක් තොරාගෙන ඒ දෙකේ හෝ තුනේ හිණිපෙත්තටම යන්න උත්සහ කරන්න. එහෙම නොකළොත් ඔයාව අනුගමනය කරන කණ්ඩායම වටේ යනවා. එහෙම වුණාම කවදාවත් ඔයාගේ ඉලක්කයට යන්න වෙන්නේ නැහැ.

මම පටන් ගත්තු දවසේ ඉඳන් මේ වෙනකල් මට වැරදුණු වාර නොසෑහෙන්න තියෙනවා. හැබැයි අද වෙනකල් මම පැරදිලා නැහැ. ඒ මම වැරදුණා කියලා නැවතුනේ නැති නිසයි.

“මම කවදාවත්ම පරදින්නේ නැහැ.
එක්කෝ මම දිනලා. නැත්තං ඒ අද්දැකීමෙන් මම යම් දෙයක් ඉගෙන ගෙන.”

දැන් මම මේ ලියාගෙන යන තිරසාර ව්‍යාපෘතියේදී සම්පුර්ණ අවධානය දෙන්නේ එකම එක ආයෝජන අවස්ථාවකට විතරයි. ආයේ කියන්න දෙයක් නැහැනේ. ඒකෙ ඔයාට ව්‍යාපාර අවස්ථාවකුත් තියෙනවා ඉතිං!

ඒ ගැන තව බොහොම ටික දවසකින් කියන්නම්. දැනට Bitcoin ලෑස්ති කරගෙන ඉන්න.

ජයවේවා බ්‍රෝ.

මම
ලක්ෂාන්

Lankan Bitcoins ;)

තිරසාර ව්‍යාපෘතියත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම මට පොඩි උදව්වක් කරන්න ඕනේ. මේ දැන්ම ගිහින් LocalBitcoin Account එකක් හදන්න. Local Bitcoin කියන්නේ decentralized bitcoin marketplace එකක්. මේකේ Bitcoin මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම (Supply & Demand) අනුවම තමයි. මම කියන්නේ ඔයාලට Bitcoin විකුණන්න ඕනේ වෙලාවට මේක පාවිච්චි කරන්න කියලයි.  “අපි හැමෝම එකතු වෙලා ලංකාවේ Bitcoin Market […]

$0.85

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හිතාගෙන අපිත් එක්ක එකතුවෙන ගොඩක් දෙනෙක් එන්නේ team එකක් හදන්නේ නැතුව, බොහොම වේගයෙන්, ඉතා කෙටි කාලයක් ඇතුළත සුවිශාල මුදලක් earn කරන්න බලාගෙනයි. මේකට හේතුව මම හිතන විදිහට internet money, emoney ගුරුවරුන්ගේ සහ ඒ විදිහට පෙනී සිටින අයගේ වෙළඳ දැන්වීම් වෙන්න ඕනේ. මම මේ ක්ෂේත්‍රයේ පහුගිය වසර කීපයේ ඉඳලා ගත්තු අද්දැකීම් එක්ක මේ ගැන […]

iCoinPro එකේ වාසි සහ අවාසි.

අද සිරා දවසක්. සති දෙකක් විතර iCoinPro ගැන කතා කළාට, මේකෙන් ප්‍රතිලාභ ලැබුණේ අද තමයි. මම $270 ක් විතර මේ වෙනකොට iCoinPro වලට යොදවලා තියෙනවා. එහෙම වුණේ Monthly Subscription එක අරන් ආපහු 6 මාසෙකට upgrade කරපු නිසයි. iCoinPro එකෙන් මට අද පළවෙනි payout එක විදිහට $916 ක් ලැබුණා. ඒ කියන්නේ මේ වෙනකොට iCoinPro එකේ මගේ […]

iCoinPro “හෙට” තමයි දවස.

මේ තරම් සුපිරි අතිරේක ආදායම් මාර්ගයක් ඇති කරගන්න පුළුවන් ව්‍යාපෘතියක් වෙලත් ලංකාවේ ගොඩක් අය register වෙලා, සල්ලිත් ගෙවලා නිකන් ඉන්න විදිහ දැක්කම මටම එපා වෙනවා හිටං. ඔයාට කරන්න තියෙන්නේ, Premium subscription එකක් අරන් තුන්දෙනෙකුට මේ product එක sell කරලා ඒ තුන් දෙනාටත් තව තුන් දෙනෙකුට බැගින් sell කරන්න උදව් කරන එක විතරයි. ලංකාවේ ගොඩක් දෙනෙකුට මේ සරල […]